
වෛද්‍යවරයෙකුගේ කෝමා තත්ත්වයෙන් පසු දිවිය සොයා යන "යාදේන්
17th February
Sony SAB ආයතනයේ නව කතා මාලාවක් වන 'යාදේන්' (Yaadein) ආචාර්ය දේව්ගේ (Dr. Dev) සිත් ඇදගන්නාසුළු කතාව ගවේෂණය කිරීමට සැරසෙයි. මෙම චරිතය, ආචාර්ය පියර්ඩන්ටේ පිචියෝනිගේ (Dr. Pierdante Piccioni) සැබෑ ජීවිත අත්දැකීම් ඇසුරින් නිර්මාණය වී ඇත. රිය අනතුරකින් මොළයට බරපතල හානියක් සිදුවී කෝමා තත්ත්වයට පත් වූ වෛද්‍යවරයකු වන පිචියෝනි, මෙම නාට්‍යයට ආභාෂය සපයයි. ප්‍රධාන චරිතය වන දේව්ගේ ශක්තිය හා සංවේදීත්වය අතර ඇති සියුම් සමබරතාව නිරූපණය කිරීමේ වගකීම නළු ඉක්බාල් ඛාන්ට (Iqbal Khan) පැවරී ඇත.
Sony SAB සිය නවතම පිරිනැමීම වන ‘යාදේන්’ (Yaadein) රූපවාහිනී කතා මාලාව දියත් කිරීමට සූදානම් වේ. මෙම කතාමාලාව වෛද්‍ය වෘත්තිකයෙකු මුහුණ දෙන ගැඹුරු පෞද්ගලික සහ වෘත්තීය අභියෝග ගවේෂණය කිරීමට පොරොන්දු වේ. මෙම වැඩසටහන ඉතාලි ජාතික වෛද්‍යවරයකු වන ආචාර්ය පියර්ඩැන්ටේ පිචියෝනිගේ (Dr. Pierdante Piccioni) අසාමාන්‍ය සත්‍ය කතාවෙන් එහි නිර්මාණාත්මක අදහස් ලබා ගනී. දරුණු අනතුරකින් පසු ඔහුගේ ජීවිතය අනපේක්ෂිත හැරීමක් ගත්තේය.
ආචාර්ය පිචියෝනිගේ සත්‍ය ජීවිත අත්දැකීම වූයේ, දරුණු රිය අනතුරකින් මොළයට බරපතල තුවාල සිදු වී, පසුව කෝමා තත්ත්වයකට පත්වීමයි. ඔහුගේ සුවය ලැබීමේ හා යළි සොයාගැනීමේ කැපී පෙනෙන ගමන 'යාදේන්' හි චිත්තවේගීය හරය වන අතර, එය ඔරොත්තු දීමේ හැකියාව, මතකය සහ මානව ආත්මය පිළිබඳ අද්විතීය දැක්මක් සපයයි.
'යාදේන්' හි, ආචාර්ය පිචියෝනි ආශ්‍රිත චරිතයට ආචාර්ය දේව් ලෙස නම් තබා ඇත. මෙම චරිතය සඳහා සියුම් රංගනයන් සඳහා ප්‍රසිද්ධ පළපුරුදු නළු ඉක්බාල් ඛාන්ට භාර දී ඇත. ජීවිතය වෙනස් කරන සිදුවීමක ප්‍රතිවිපාක සමඟ පොරබදමින්, ඔහුගේ සහජ ශක්තිය එවැනි ගැඹුරු කම්පනයකින් ඇතිවන අවදානම සමඟ සමබර කරමින් චරිතයක් නිරූපණය කිරීමේ අභියෝගයට ඛාන් මුහුණ දෙයි.
වෛද්‍ය දේව්ගේ සුවය ලැබීමේ වෛද්‍යමය පැතිකඩයන් පමණක් නොව, ඔහුගේ පෞද්ගලික සම්බන්ධතා සහ වෘත්තිය කෙරෙහි ඇතිවන චිත්තවේගීය හා මානසික බලපෑමද මෙම කතා මාලාව තුළින් ගවේෂණය කිරීමට අපේක්ෂා කෙරේ. නරඹන්නන්ට නාට්‍යමය බවින්, ආත්ම අරමුණ සොයායෑමෙන් සහ තම අනන්‍යතාවය හා අරමුණ නැවත ලබා ගැනීමට වෙර දරන මිනිසෙකුගේ සිත් ඇදගන්නාසුළු ගමනකින් පිරිපුන් ආඛ්‍යානයක් අපේක්ෂා කළ හැකිය.